Monday, April 13, 2015

"රටම ආඩම්බරයෙන් කතා කළත් එක දරුවෙකුටවත් තාම රස්සාවක් නෑ"

 සුමනවීර බයිසිකල් පවුලේ කතාව..

 

හිතුවොත් මොනවද කරන්න බැරි. උවමනාව තියේනං හීන ඉටුවන තුරු ඒ මත්තෙ හඹා යන්න මං පෑදෙනව.
සුමනවීර අදහන්නෙත් ඒ සත්‍ය.
තාත්තගෙ ජීවිතාදර්ශය ගත්තු ඩිලුක්ෂි - අයේෂා දූවරුත් ඒ වගේ. ලොකු පුතු ජනක් හිතන්නෙත් එහෙම.
බයිසිකලේ ඔවුන්ගෙ ජීවිතේ. රළු - බොරලු මං මාවත්, කඳු - පල්ලම් විතරක් නෙවෙයි, ගල් බෑවුම් වලදිත් බයිසිකලේ ඔවුන්ට අවනතයි. විශ්වාසයි.
පිට පිට තුන් වතාවක්ම, 1984, 85, 86 වසරවල අපේ රටේ මහා බයිසිකල් තරගෙ ලංකා සවාරියෙ සූරයා සුමනවීර.
අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර තරග ගණනාවකදිත් ඔහු ගෙනා කීර්තිය, බයිසිකල් තරග ඉතිහාසයේ සටහන් වෙන්නෙ නොමැකෙන විදියට.
අද එක ඉත්තක පිපෙන්නෙ, තරග දාහකටත් වඩා පැදපු ඉන් 700 ගණනක්ම දිනපු ඒ සුමනවීර.
සුමනවීරට දරු පස් දෙනෙක්.
ජනක් කි‍්‍රෂාන් වැඩිමල් පුතු තාත්තගෙම මඟ ගත් බයිසිකල් සූරයෙක්.
තරග ගණනාවක් දිනූ, බයිසිකල් සූරියකව සිටි ප‍්‍රදීපා මනෝජි ලොකු දූ. දැන්නම් බයිසිකල් පැදිල්ල සදහටම අත් හැරල.
තුන්වැන්නි ඩිලුක්ෂි හරින්දිකා.
2001, 02, 03, 04, 05, 06 වසරවල පැවැති මවුන්ටන් පාපැදි තරග සියල්ලම ජය ගත්තී. ඉන්දුනීසියාවේ පැවැති ආසියාතික මවුන්ටන් පාපැදි තරගයේ රිදී පදක්කම අපේ රටට ගෙනාවෙත් ඈ.
ලංකා සවාරිය, ජනාධිපති කුසලාන පාපැදි තරගාවලිය 2005, 06, ජාතික ශූරතාවලියෙ පස් වසරක් වශයෙන් ඈ ලද ජයග‍්‍රහණ බොහොමයක්.
බොහෝ බයිසිකල් සූරියන් පදින්නට අකමැති මවුන්ටන් තරගයි ඇගේ පි‍්‍රයතම අංශය.
ගල් සහිත කඳු බෑවුම්, මඩවලවල්, කැලෑ තරණය කළ යුතු මවුන්ටන් පැදිල්ල ඉතාම දුෂ්කර හා වෙහෙසකර එකක්.
ඒත් බොහොම කැමැත්තෙන් ඒ අභියෝගය බාර ගන්න ඩිලුක්ෂි සුමනවීර, අපේ රටට ඉන්න විරල මවුන්ටන් සයිකල් සූරියක් කිව්වත් බොරු නෙවෙයි.
මනෝජ් සුමනවීර මේ පවුලෙ හතර වැනියා. 2002 වසරෙ කඳපොළ මවුන්ටන් පාපැදි තරගාවලියෙ දෙවැනි තැන ලබා ගැනීමෙන් ඇරැඹෙන මනෝජ්ගෙ බයිසිකල් රේස් ජීවිතයෙ, සබරගමු පළාත් 12 වැනි පාසල් කී‍්‍රඩා තරගයෙ 2002 වසරෙ පළමු තැන, 1995 කනිෂ්ඨ පාපැදි තරගාවලියෙ ප‍්‍රථම තැන, 2003 මහනුවර මවුන්ටන් පාපැදි තරගාවලියෙ දෙවැනි තැන... ආදි ලෙස ඒ ජයග‍්‍රහණ පෙළ ගැහෙන්නෙ එක දිගට. ඒත් තරග විනිශ්චය වලදි දිගින් දිගටම තමන්ට සිදුවන අකටයුතුකම් ඉදිරියෙ මනෝජ් දවසක තීරණයකට එනවා.
“වැඩක් නෑ තාත්තෙ අපිට කවදාවත් ඉස්සරහට එන්න දෙන්නෑ මේ මිනිස්සු. මං ආයෙ පදින්නෑ. මං මගෙ පාඩුවෙ ඉගෙන ගන්නව...”
කොයිතරම් බයිසිකලේට පෙම් බැන්දත්, සූරයෙක් වුණත් සමහර තරග විනිශ්චයවලදි තමන්ගෙ දරුවන්ට සිදු වෙච්චි අකටයුතුකම් - අසාධාරණ සුමනවීර නොදැක්ක නෙවෙයි. ඉවසා දරාගෙන හිටියෙ කරන්නම දෙයක් නැති කමට.
සුමනවීර, පුතුගෙ තීරණේට හරස් නොවුණෙ හැමදාමත් ඔළුවට වද දෙන ඒ පසුබිම නිසා.
හැබැයි අධිෂ්ඨානයෙන් ඉගෙන ගත්තු මනෝජ් විශ්ව විද්‍යාලෙට තේරෙනව. අද ඔහු ජයවර්ධනපුර සරසවියෙ, කළමනාකරණ පීඨයෙ.
සුමනවීර පවුලෙ පස්වැන්නී අයේෂා. ඈ අපේ රටේ වාර්තා තබපු ළාබාලම බයිසිකල් සූරිය.
1969 තරුණි බිහිවීමත් සමඟ ඇරැඹුණු තරුණි පාපැදි සවාරිය, පා පැදි සූරියන්ගෙ මහා මංගල්‍යය. එදා මෙදා තුර තරුණි නිල්වලා පාපැදි සවාරියේ ළාබාලම ජයග‍්‍රාහිකාව අයේෂා වන්නී. 2004 ඈ ඒ ජය ලැබුවෙ 18 හැවිරිදි වියේදී නිසා.
ඉන්දුනිසියානු මවුන්ටන් පාපැදි තරගාවලියෙදි ඈ අපේ රටට ගෙනා ලෝකඩ පදක්කමට අපූරු වටිනාකමක් තියෙනව.
ශී‍්‍ර ලංකාව නියෝජනය කළ ප‍්‍රථම කණ්ඩායමෙන් ලංකාවට පදක්කමක් දිනා දුන්නෙ අයේෂා. එය ප‍්‍රථම වගේම අවසන් පදක්කමත් වන්නේ ඉන් මතු ඒ තරගයට තවමත් ශී‍්‍ර ලංකාවෙන් සයිකල් සූරියක් නොගිය නිසා.
දහ වැනි දකුණු ආසියාතික කී‍්‍රඩා උළෙලෙ රන් පදක්කම, සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙලෙ 2001, 02, 04 වසරවල දෙවන සහ ප‍්‍රථම තැන, ජනාධිපති කුසලාන පාපැදි ශූරතාවලියෙ 2005, 06, දෙවැනි තැන, ජාතික ශූරතාවලියෙ දෙවන, තුන්වන, හතරවන ජයග‍්‍රහණ ආදි වශයෙන් ඈ ලද ජයග‍්‍රහණ මහ හුඟක්.
බයිසිකල් සූරි දූලා තුන් දෙනෙක් සහ පුතාල දෙදෙනෙක්.
ඒත් කියන්න තියෙන්නෙ දුක හිතෙන කතාවක්.
අවුරුදු තිස් ගණනක් පෙටෙ‍්‍ර¤ලියම් කෝපරේෂන් ආරක්ෂක අංශයේ සේවය කරපු සුමනවීර ඒ රස්සාවෙන් දැන් විශ‍්‍රාම ගිහින්.
දූල - පුතාල පස්දෙනෙක් සහිත සුමනවීරගෙ අඹු දරුවො හැමෝම රැකෙන්නෙ ඒ විශ‍්‍රාම වැටුපෙන්.
නිසි වයස් පහු කරගෙන යන මේ එක දරුවෙකුටවත් තවම රස්සාවක් නැතිකම සුමනවීරගෙ හිතට බරක්.

අම්ම තාත්තා එක්ක බයිසිකල් සවි කරගන්න එකත් අයේෂලට සුළු දෙයක්.
රන්, රිදී පදක්කම් දිනූ මේ බයිසිකල් සූර දරුවො ගැන රටම කතා කරන්නෙ මහා ආඩම්බරයකින්. ඒත් රස්සාවල් වලට ඉල්ලපු හැම වෙලාවෙම හැම දේටම බලන උපරිම අධ්‍යාපන සුදුසුකම් ඉස්සර වෙනව. එහෙම වෙලාවට ලබපු රන් පදක්කම් තබක්කයක්වත් තරමට ගණන් නොගැනෙන හැටි... මායිම් නොකරන හැටි...
මහ පාන්දර කළුවරේ බයිසිකල් වල නැගී ගෙන පුහුණු වීම් වලට යන මේ අක්ක - නඟාලා, තාත්තල - පුතාල ආයෙ ගෙදර එන්නෙ තිත්ත කළුවරේ. වෙලාවකට ඔවුන් හැතැප්ම සිය ගණන් එහා මෙහා පැදල. දහදිය මුගුරු හළාගෙන එහෙම පුරුදු පුහුණු නොවුණ නම්, රන් පදක්කම් ගැන කොහොම සිහින මවන්නද...
උසස් පෙළ කරපු ලොකු දූත් ගෙදර. පුතත් ගෙදර. ඩිලුක්ෂිටත් ඒ ඉරණමමයි. අයේෂා සාමාන්‍ය පෙළින් නැවතුණත් පවුලෙ වගේම දැනට අපේ රටේ ඉන්න අඩු වයසෙ දක්ෂම සයිකල් සූරියත් ඈ.
ඔවුන්ගෙ විරල හැකියාවට - කුසලතාවට රස්සාවක් දෙන්න තරම් කෙනෙක් මේ රටේ නැති එක සුමනවීරගෙ හිතට හරියට වද දෙනව.
“අඩුම තරමෙ ජනාධිපතිතුමාවත් මේ අපේ දුක දකිනව නම් ලොකු දෙයක්. මේ දරුවන්ගෙ අනාගතේ නිකම්ම අඳුරු වෙලා යනව.
කී පාරක් ලියුම් දැම්මත් ජනාධිපතිතුමා අතට ඒවා ගියා නම් මේ එක දරුවකුට හරි රස්සාවක් දේවි. අඩුම තරමේ මේ දරුවො රටට ගෙනා කීර්තිය බලලා. මේ දරුවො තරග දිනන්නෙ හයි හත්තිය එන කෑම බීම දීල නෙවෙයි.
රස්සාව තිබුණු කාලෙ පුළුවන් වුණත් දැන් එහෙම කරන්නත් බැහැ. එයාලත් බොහොම කටුකව මේ ගමන ආපු දරුවො...”
සුමනවීරගෙ දරුවන්ට වෙලා තියෙන මේ අකටයුත්ත ජනාධිපති තුමාට පෙනේවා! කියල අපිත් පතනව.
අයේෂා - ඩිලුක්ෂි අක්ක නඟාල එක වගේ ම දක්ෂ වුණාට, තේරීම් තරගවලදි අනන්තවත් එක්කෙනෙක් එළියට දමල ඒ වෙනුවට ඇතුළට ගන්නෙ ඊට වඩා අඩු දක්ෂතා ඇති කෙනෙක්.
‘දෙන්නම එක පවුලෙනෙ...’ ඔන්න ඔවුන් දක්වන හේතුව.
ඒත් බයිසිකල් පැදිල්ලට ඇති ආසාවට හුඟක් දේ දරාගෙන ඔවුන් තවමත් ක්ෂේත‍්‍රයෙ රැඳිල ඉන්නව.
හැබැයි ඉතින්, දෙන්න ගෙන් කවුරු පැද්දත් තරඟෙ දිනුම්. ඔවුන්ව කපා දමන විනිශ්ච මණ්ඩලත් ඒක දන්නව.
ඔය තත්වෙට එන්න සුමනවීරගෙ දූල විඳපු දුක්, බයිසිකලේට පුළුවන් නම් කතා කරල කියාවි.
කන්දක් නැග්ගොත් පල්ලමක් අහු වෙනව...’ කතාවට කියනව වගේ පහු කරපු කඳු පල්ලම් ඕනෙ තරම්. ඒත් ජීවිතේට සැහැල්ලුවක් - සහනයක් ගේන පල්ලම් නම් තවම මේ අයට හමු වෙලා නැති එකයි කණගාටුව.
සුමනවීරගෙ තාත්තා, චාර්ලිස් සිල්වා. අම්මා ඒ.එම්. සොපි නෝනා.
අක්කටයි – නංගිටයි මැදිවෙලා, 1948 අපෙ‍්‍ර්ල් 19 වැනිද සුමනවීර උපන්නෙ පවුලෙ එකම පිරිමි දරුව විදියට මාතර මිරිස්සෙ.
රත්නපුර දෑල, අනුරාධපුරේ කඩ කරපු තාත්තා හිටි අඩියෙ මිය යන කොට සුමනවීරට අවුරුදු හයයි.
දරු තුන්දෙනෙක් එක්ක අම්මා තනිවෙනව. අන්තිමේ ඈ තීරණේකට එනව. ‘දෑල කඩේවත් ඉතුරු වුණොත් මදෑ...’, ඈ පුංචි සුමනරවීරත් අරගෙන දෑල ඇවිත් කඩ කෑල්ලෙම පදිංචි වෙනව.
කුලියට ඇඳුම් මහන්න පටන් ගන්නෙ අතේ හුරුවට. ටිකෙන් ටික ඔළුව උස්සද්දි ඈ දූල දෙන්නවත් ගෙන්වා ගන්නව.
මිරිස්ස මහ විදුහලේ 2 වැනි පංතියේ හිටපු සුමනවීර දැන් යන්නෙ රත්නපුර නිවිතිගල සුමන මහ විදුහලට.
හැමදාම බස් එකේ යනෙන ගමන් සුමනවීර දකින්නෙ අපූරු දර්ශනයක්. ගමේ පුංචි මහත්තයයි – ආරියරත්නයි බයිසිකල් දෙකකින් ඉස්කෝලෙ යනව. බස් එකේ වේගෙටම එන මේ දෙන්න උත්සාහ කරන්නෙ බස් එකට වඩා ඉස්සර වෙන්න.
’මට සයිකලයක් තිබ්බ නම් කොහොම හරි බස් එක පහු කරනව...’
තනියම හිතන සුමනෙ එතැන ඉඳල දකින්නෙ බයිසිකලේක හීනෙ. හැමදාම හිතල විතරක් වැඩක් ඇතැයි, සල්ලි නැතත් ගාණවත් දැන ගන්න ඕනෙ..
කඩේකට ගිහින් හර්කියුලිස් බයිසිකලේක ගාණත් බලන් එන්නෙ එහෙම හිතල.
”අම්මෙ බයිසිකලයක් රුපියල් 30 යි. මට අරන් දෙනවද...”
ඒත් කුළී මහල දරු තුන්දෙනෙක් ජීවත් කරවන අම්මට රුපියල් 30 ලොකු ගාණක්.
”අනේ පුතේ මට කොයින් ද එච්චර මුදලක්. ඔය අදහස අත් ඇරල දාපං...”
පුංචි සුමනෙට මහ හයියෙන් ඇඬෙනව. හිතේ දුක වැඩිකමට.
අනේ තාත්තා හිටිය නම්... නොවැරැදීම මේ පුංචි එකාගෙ හීනෙ ඉටු වේවි.
එදා පටන් බස් වියදමට අම්ම දීපු සත 30 සාක්කුවෙ දමාගෙන හැතැප්ම හතර ම ඉස්කෝලෙට පයින් යන එන එකයි සුමනවීරගෙ වැඩේ.
අම්මත් නොදැන ලිප් බොක්කෙ හංගපු නෙස්ටොමෝල්ට් ටින් එකකට හැමදාමත් සත 30 වැටුණ. ටින් දෙකක් පිරුණට පස්සෙ රුපියල් 30 කුත් හදා ගත්තමයි සුමනෙ අම්මට කාරණාව කිව්වෙ.
ඇදගෙන ගියේ රණසිංහ. බයිසිකල් රේස්වලට අලුත් මුහුණක් වුණාට, රත්නපුරේ සැම්සන් සිල්ව තමන්ගෙ බයිසිකලේ සුමනෙට දෙනව.’මං රේස් එක පදින්නෑ... ඕනෙ නම්
ඒ වෙනකොට කවදාවත් බයිසිකලයක් පැදල නොතිබුණු සුමනෙ තමන්ගෙම බයිසිකලයෙනුයි හා හා පුරා කියල පදින්න පුරුදු වුණෙත්.
ඔන්න දැන්, සුමනෙ උත්සාහ කරනව බස් එක පහු කරන් යන්න.
ඒ කාලෙ රත්නපුරේ හිටපු කේ.ජී. රණසිංහ බයිසිකල් සූරයෙක්. කරවිට ඉස්කෝලෙට යන රණසිංහත් දැන් සුමනෙගෙ යාළුවෙක්.
1965 පෙබරවාරි 04 වැනිද නිදහස් උත්සවේ වෙනුවෙන් පවත්වපු බයිසිකල් තරගෙකට සුමනවීර උසි ගන්වල
ඔයා පදින්න...’
”එච්චර කල් මගේ බයිසිකලේ පැදපු මට ඒ බයිසිකලේ හරියට බෙන්ස් එකක් වගේ.
මාව නිකන් පාවෙනව වගේ. පුදුම සැහැල්ලුවකින් මම වට 15 ඉවර කළේ. අන්තිමේ මාව උසිගන්වල අරගෙන ආපු රණසිංහ දෙවැනියා. මං පළමුවැනිය. හැබැයි මං එදා කප් එක ගෙදර ගෙනිහින් අම්මට හොරෙන් හැංගුවා. බනියි කියන බයට...”
එහෙම පටන් ගත්තු සුමනවීරගෙ රේස් පැදිල්ලට- හැකියාවට වැඩිපුරම අත දුන්නෙ රණසිංහ, අර යාළුවා. පස්සෙ පස්සෙ රත්නපුරේ මැණික් මුදලාලිලත් ජනතාවත් සුමනෙට උදව් කළා.
තරග පැදපු මුල් කාලෙ සමහර දවස්වල තරගෙ ඉවර කරගන්න බැහැ, කකුලෙ කෙණ්ඩ පෙරළිල. ඒත් දත්මිටි කාගෙන ඇස්වලින් කඳුළු බේරි බේරි සුමනෙ ඉර පනිනව. කප් ගන්නව. පහු පහු වෙනකොට ඒ අපහසුකම් දුර්වලතා මග හරවා ගත්තා විතරක් නෙවෙයි, අවුරුදු 45 ක් වන බයිසිකල් රේස් ජීවිතේ අද ඔහු පරිණත දැනුමක් ඇත්තෙක්.
”මට පුළුවන් යාර 100 ක් ඈත ඉඳල, තරගකරුවෙක් එන විදියෙන් තරගකරුවට අසනීපයක් ද බයිසිකලේ ලෙඩක් ද කියල කියන්න. ඒත් අද ෆෙඩරේෂන් එකේ ඉන්නෙ බයිසිකල් පැදපු අය නෙවෙයි. ඒ අයට ප‍්‍රායෝගික දැනුමක් නැහැ. පා පැදි කී‍්‍රඩාව දියුණු වෙන්න ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයනුත් මේකට සම්බන්ධ කරගන්න ඕනෙ. නැතිනම් තව තවත් පාපැදි කී‍්‍රඩාව යන්නෙ වළ පල්ලට. ජනාධිපති තුමාට විතරයි මේ තත්වය වෙනස් කරන්න පුළුවන්. අපි මේ කී‍්‍රඩාවට ආදරේ කරන උදවිය. විනාශ වෙලා යන බව පෙනි පෙනී නිහඬව ඉන්න බැරි ඒ නිසා...”
පාපැදි කී‍්‍රඩාවෙ ස්වර්ණමය යුගයක් තිබුණ. බැසිල්, ජිනදාස, සීමන් ඇන්තනි, මොරිස් කුමාර්වේල් වගේ කී‍්‍රඩකයො ක්‍ෂේත‍්‍රයෙ හිටපු දැවැන්තයො. මොරිස් අංශ හතරෙන් ම දක්‍ෂයා. එහෙම පුළුවන් එකම කී‍්‍රඩකයත් ඔහු. මං එයා යන පාරවල්, පැදපු කඳු පල්ලම්, කැලෑ හැම එකක්ම අවුරුදු තුනක් පැදල එයාව ‘ෆලෝ’ කළේ. ඒකෙන් හුඟක් දේ ඉගෙන ගත්තා.
1973 මාතර නිල්මිණි සවාරියෙදි විනාඩි 45 ක ලීඩ් එකක් තියන්න මට පුළුවන් වුණේ, ඒ පුහුණුවෙන්. ඒත් අද තරුණ අයට එහෙම අනුගමනය කරන්න කෙනෙක් නෑ. මගේ දූලට නම් පුහුණු කරවන්න මංවත් ඉන්නව. ප‍්‍රවීණයන්ගෙන් වැඩක් නොගන්න එකෙන් වෙන්නෙ, ක්‍ෂේත‍්‍රයට එන දරුවන්ට ලොකු හානියක්...
1978 බැංකොක්වල පැවැති ආසියානු තරගෙට රටවල් 36 කින් තරුගකරුවො පහ ගාණෙ පැද්ද.
ඒ තරගෙ මං පැද්දෙ, ඒ රටට අවුරුදු 100 ක් පැරැණි වන බයිසිකලේකින්. ඒ වෙනකොට මං හිටියෙ හැතැප්ම 71 ක් ඉදිරියෙන්.
අන්තිමේ තරගෙට උදව් කරන්න ආපු ‘සිමානෝ’ කොම්පැණිය මගෙ විස්තරේ තායිලන්ත පත්තරේ දැම්මා ලොකු පිංතූරයකුත් එක්ක. ‘අවුරුදු 100 ක් පැරැණි බයිසිකලයකින් තරග පදින වීරයා’ කියල. ඒ අය මට අලුත් බයිසිකලයක් දෙන්න ලෑස්ති වෙනකොට ලංකාවෙ කළමනාකරු ඒක ගන්න දුන්නෑ. රට හෑල්ලු වෙනව කියල. මට වුණේ ඔය වගේ දේවල්...”
කොහොම වුණත් ඔය කෙනහිලිකම් එකකින්වත් සුමනෙගෙ ධෛර්ය නැවතුණේ නැහැ, තව තවත් වැඩි වුණා මිසක.
අර පුංචි කාලේ බයිසිකලයක් නැතිව මහ හයියෙන් ඇඬුනට සුමනෙ තමන්ගෙ දරු පස්දෙනාටම පොඩි බයිසිකල් පහක් අරන් දුන්නා, ඉස්කෝලෙ යන්න. පුංචි වුන් තාත්තගෙ ආරෙටම හුඟක් දේ ඉගෙන ගත්තා.
කවදාවත් සිගරට් එකක්, අරක්කු පොදක් කටේ නොතියපු සුමනෙ දරුවන්ට බිරියට හිතැති ආදරණීය සැමියෙක් කියලයි සුමනෙගෙ බිරිය කියන්නෙ.
”ඒ කාලෙ අපේ ගෙවල්වල ලයිට් නෑ. රෑ 10 ට විතර ගෙදර ඇවිත් ආයෙ පාන්දර කළුවරේ කුප්පි ලාම්පු පත්තු කරන් ළිඳට ගිහින් මූණ කට හෝදන් පුහුණුවීම්වලට යනව. තේක විතරයි. ඒ කාලෙ එයාගෙ අත්වල රේඛා පේන් නෑ. ඒ තරමට අත් බයිසිකල් අල්ලගෙන ඉඳලම හම ගිහිල්ල. පුහුණුවීම්වලට ඇඳපු බර්නාඩ් ඇඳුම් කට්ටලය රෑ හෝදල, වේලපු රෙද්දක තියල මිරිකල ආයෙ උදේට ඇඳන් යනව.
හුඟක් දුක් වින්ඳ්‍ර. ඒත් අන්තිමේ 89 කලබල කාලෙ ගේත් පිච්චුවා. මුළු ජීවිතේම ගොඩනඟාගත්තු හැම දේම පොළොවට අළු කළා... අපිට සිද්ධ වුණා බිංදුවෙ ඉඳල ආපහු හැදෙන්න. කාගෙදෝ බොරු කතාවකින් වෙච්ච වින්නැහියක් ඒක. දේශපාලනේ නෙවෙයි, ඒ කාලෙ ඉඳල එයා කළේ ජීවත්වීමේ සටන..”
ඔබට පෙන්වන්නට සුමනවීරගෙ තරුණ කාලෙ පිංතූරයක්වත් නැත්තෙ මුල් යුගයෙ කප්, සහතික, පිංතූර පවා ඒ ගින්නෙ දැවී ගියපු නිසා.
සුමනවීරගෙ අම්මට දැන් අවුරුදු 80 ගණනක්. ඒත් තවමත් ඇඳුම් මහන්නත්, තනියම ගමන් බිමන් යන්නත් ඈට පුළුවන්.
”මගේ පුතා පොඩි කාලෙ දුක් වින්දට අද ඉතින් රටම දන්න රජ පැටියෙක්..”
අම්මෙකුගෙ කඳුළකට, සතුටට අලගු තියන්න පුළුවන් දෙයක් තියෙනවද... ඇගේ දෑස්වල සතුටු කඳුළු.
මොන දේ නැතත් පවුලක් හැටියට ඔවුන් සතුටින්. ඒත් මේ සටහන අවසන් කරන්නෙ කි‍්‍රෂාන් – ඩිලුක්‍ෂි - ප‍්‍රදීපා - අයේෂා ගැන ආපහු මතක් කරල. බයිසිකල් රේස් කී‍්‍රඩාවෙ ඉතිහාසයට යන ඔවුන්, නිකරුණේ සිය තුරුණු විය ගෙදරට දිය කරන එක අපරාධයක්.
රන් පදක්කමක් අරන් ගෙදර යනව මිසක ඉන් එහාට දෙයක් මෙතුවක් කාලෙකට ඔවුන් වෙනුවෙන් ඉටු වෙලා නැහැ. තාත්තගෙ විශ‍්‍රාම වැටුපෙන් ජීවත් වෙන එක,
තරුණ හිතකට මොන තරම් බරක් ද කියල අමුතුවෙන් කියන්න දේකුත් නෙවෙයි.
රන් පදක්කමකටත් වඩා ‘රස්සාවක්’ දැන් ඔවුන්ගෙ අවශ්‍යතාව කිව්වොත් තමා වඩා හරි.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප- ගීත් ද මැල්